ගෝඨාභයට විදෙස් රාජ්‍ය නායකයින් ගෙන් සුභ පැතුම්

2019-11-17 02:33:00       699
feature-top
ජනාධිපතිවරණයේ දැනට ප්‍රකාශිත ජන්ද ප්‍රතිපල අනුව ඉදිරියෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය සුභ පැතුම් එක් කර තිබෙනවා.

" අපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා වර්ධනය කර ගනිමින් සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු බවයි. එමෙන්ම සිය රටේ නායකයා තෝරා පත්කර ගැනීම සඳහා කටයුතු කළ ලක්වැසි ජනතාවට සුභ පැතුම් එක් කරන බව" සිය නිල ගිණුම ඔස්සේ ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම හිටපු මාලදිවයින ජනාධිපති Maumoon Abdul Gayoom ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක් කොට ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
(under the courtesy of nethnews.lk news web)


More News »