ඇමති මංගල සහ අජිත් පී. පෙරේරා ඉල්ලා අස්වෙයි

2019-11-17 02:31:00       697
feature-top
මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ ඩිජිටල් යටිතල සහ තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා සිය අමාත්‍යධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මිට සුළු මොහොතකට සිය ඉල්ලා අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර තිබෙනවා. එමෙන්ම කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා ද සිය නිල ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජනතාව ලබාදුන් තීන්දුවට තමන් ගරුකරමින් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

මේ අතර අද සවස් වන විට අමාත්‍ය මණ්ඩලයේ තවත් ඇමතිවරුන් කිහිපදෙනෙකුම සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »