අගමැති රනිල් සහ විපක්ෂනායක මහින්ද ගෝඨාභයට කතා කරයි

2019-11-17 01:24:00       699
feature-top
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල තවමත් නිකුත් කර අවසන් නැතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පරාජය පිළිගෙන එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ පිළිබද අමාත්‍ය සජිත් ප්‍රේමදාස තැබූ සටහනක් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ නිල ෆේස්බුක් ගිණුමේද දැක්වෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය සුබ පැතුම්ද එක් කර තිබෙනවා.

මේ අතර මේ වනවිට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ලබා ඇති ජයග්‍රහණය පිළිබද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා දුරකතනයෙන් අමතා සුබ පැතුම් පළ කර තිබෙනවා.

ගෝඨාභය රාජපක්‍ෂ හෙට (17) පෙරවරුවේ අනුරාධපුරයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

More News »