තන්තිරිමලේදි බස් රථයකට වෙඩි ප්‍රහාරයක්

2019-11-16 10:17:00       705
feature-top
තන්තිරිමලේ පොලිස් වසමේ, බෝගොඩ සපත්තු පාලම අසලදී බස් රථ දෙකකට අද (16) අළුයම කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ගල්මුල් ප්‍රහාරයක් එල්ල කිරිම සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් සෙට්ටිකුලම් පොලිසියට ලැබි ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර සිටිනවා.

මෙම බස් රථ දෙක පුත්තලමේ සිට මන්නාරම බලා ගමන් කරමින් තිබු බවයි පොලිසිය සදහන් කලේ.

සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති අතර බස් රථ දෙකට හානි සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කලේ.

මෙම පහරදිම සම්බන්ධයෙන් බස් රථ දෙකේ රියදුරන් විසින් සෙට්ටිකුලම පොලිසියට පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
(under the courtesy of nethnews.lk news web)

More News »