ලෝකයේ පළමු වතාවට ඇමෙරිකානුවන්ගෙන් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියෙන් ලිපියක් එජාප මඩ බලකාය වෙත කෙලින්ම.

2019-11-15 07:06:00       709
feature-top
ලෝකයේ පළමු වතාවට ඇමෙරිකානුවන්ගෙන් බ්‍රිතාන්‍ය ඉංග්‍රීසියෙන් ලිපියක් එජාප මඩ බලකාය වෙත කෙලින්ම.
මේ වනවිට එජාප මැතිවරණ සටන උඩු යටිකුරු වී හමාරය. ගෝඨාභය රාජපක්ෂ මහතා දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරමින් සිටී.
එජාප මඩ බලකායට කර කියා ගත හැකි දෙයක් නොවූ කල්හි ව්‍යාජ ලිපි ලේඛන පවා නිර්මාණය කරමින් සිටී. අලුත්ම ප්‍රචාරන උපාංගය  ලෙස ඇමෙරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුවෙන් මඩ ප්‍රචාරක කණ්ඩායම වෙත හදිසියේම ලිපියක් ලැබී ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.

මෙම ලිපිය ලිවීම සඳහා ක්‍රිස්ටෝෆර් හාදී මහතා රජයේ නිවාඩු දිනයක් වන පළමු ලෝක යුද්ධය සමරන දවස එනම් Veterans Day දිනයේදී එනම් 11 දින, ශ්‍රී ලංකාවේ මඩ ප්‍රචාරකයින් වෙනුවෙන් තනිව කාර්යාලයට පැමිණ තනිව තීරණය කොට ලිපියක් ලියා ඔවුන් වෙතම ඒවා ඇත.
 
මෙම ලිපිය කියවීමේදී ඇමෙරිකානුවන්ට ඉංග්‍රීසි කියාදීමට අවස්තාවක් ලැබීම ශ්‍රී ලාංකිකයින් ලද භාග්‍යකි.  Abovemention තනි වචනයක් ලෙස කිසිඳු ලියකියවිල්ලක ඇමෙරිකානුවන් භාවිතා කරන්නේ නැත.   
මෙම වචන දෙක ලියන ඇමරිකානු ව්‍යාකරණ නීතිය මේ මඩ කරියන්ට කියා දිය යුතුව ඇත. එනිසා එය පහතින් දක්වමු.
[The rule is when an adverb precedes an adjective directly modifying a noun that follows, the adverb and adjective must be hyphenated, as in “the above-mentioned text. The hyphenation is provided for clarity since above is not modifying text, but mentioned. Here are some other examples: the beautifully-carved sarcophagus, the well-heeled gentlemen, the well-oiled clock, the grotesquely-figured gargoyle, and so on. On the other hand, we would say the gargoyle was grotesquely figured, and the clock was well oiled. However, you could save the trouble of a hyphen simply by using aforementioned, which is one complete word that means the same thing.]   
මෙපමණක් නොවේ ශ්‍රී ලංකාවේ Citizen Services නම් ආයතනයක් නොමැති බවත් ඇත්තේ Citizens Sevices නම් ආයතනයක් බවත් ඇමෙරිකාවේ ක්‍රිස්ටෝෆර් හාදිට කියාදිය යුතුව ඇත. නැතිනම් ඔහුව අවමානයට ලක් නොවෙන  ලෙස මෙම ලිපිය නිර්මාණය කිරීමට අවශ්‍ය තරම් කාලය තිබුණි.  
තවද නීතිය පිලිබඳ ඉහලින්ම වැජඹෙන ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ නම දැනගැනීමට අවස්ථාවක් තිබීම නොමැත. “නන්දසේන” කොටස නෛතික ලිපියක හැලී ඇත. සම්පූර්ණ නම සොයා ගැනීමට නොහැකි වුයේ නිවාඩු දිනයක් නිසාද විය හැකිය. ක්‍රිස්ටෝෆර් හාදි වෙනුවෙන් ව්‍යාජ ලිපිය සකස් කල ශ්‍රී ලාංකිකයා මෙතරම් නීතියානුකූලවූ මෙම ලිපිය ලිවීමට කෙතරම් හදිසි වුයේදැයි තේරුම් ගැනීමට හැකියාවක් පාඨකයාට ඇත. නැතහොත් මෙම ලිපිය ලියා ඒවා ඇත්තේ මඩ කරියන්ගේ දුරකථන ඇමතුමකට වීම හාස්‍ය ජනකය. මෙතරම් ලාබාල ලෙස වැඩ කරන … ව්‍යාජ ලිපියක් හෝ නිවැරදිව පිළියෙළ කරගැනීමට නොහැකි පිරිසකටද මේ රට නැවතත් භාර දීමට සූදානම් වන්නේ… අතිශය කනගාටු දායකය.   
ක්‍රිස්ටෝෆර් හාදිට තමා ඉන්නා සෙක්ෂන් එකද පැටලී තිබීම හාස්‍යට කරුණකි. Law and Policy Section එක පිහිටා තිබෙන්නේ National Security Division එක 

පිහිටා තිබෙන්නේ National Security Division එක යටතේ නොවේ. එය පිහිටා ඇත්තේ Environment and Natural Resources Division එක  යටතේය. මේ බව පහත වෙබ් අඩවියට පිවිසීමේන් දැක ගත හැකිය. 

https://www.justice.gov/enrd/law-and-policy-section

මේ මඩ කරියන්ගෙන් ඇසිය යුත්තේ මුන්ට අමු කැවිලද යන්නයි. එසේත් නැතිනම් මුන් සිතා සිටින්නේ ශ්‍රී ලාංකියන් බත් කන හරක් ලෙසයි.

තවදඅමෙම ලිපියේ දිනය දෙපලක සඳහන් කර ඇති අතර එක තැනෙක ඇමෙරිකානු ක්‍රමයටත් අනෙක් තැන බ්‍රිතාන්‍ය කරමයටත් සඳහන් කර ඇත. මුන්ගේ තකතීරු කම ගැන කීමට තරම් මගේ ශබ්ද කෝෂයේ වචන නැත.


මෙම ලිපියේ ඇති සුවිශේෂිතම ලක්ෂණය වන්නේ මෙය ලිවීම සඳහා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි යොදාගෙන තිබීමයි. ඒ ශ්‍රී ලංකාව වසර ගණනාවක් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවතීම නිසා ශ්‍රී ලාංකිකයිනට ඇමෙරිකානු ඉංග්‍රීසි තේරුම් ගැනීමට අපහසු නිසා විය හැකිය.
මෙහි ඇමෙරිකානුවන් ශ්‍රී ලංකාවටම ලිපි ලිවීමේදී භාවිතා කරන තවද ලක්ෂණයක් භාවිතා කොට ඇත. ලිපියේ අංකය ලෝගෝ එකට යටින් ලිපි ශීර්ෂයේ යොදා ගැනීම හා මෙම ලිපියේ අංකය වඩවඩාත් තහවුරු කිරීම සඳහා දෙවරක්ම යොදා ගැනීමයි. මෙය ඇමෙරිකාව ලංකාවට ලිපි ලියන විශේෂ ක්‍රමයක්ද විය හැකියි..
තවද මෙතරම් තාක්ෂනය දියුණු යුගයේ ලිපිය ලංකාවට ලැබෙන්නේ ගුවන් සාමාන්‍ය තැපෑලෙන් වීමය. ඒ 11 වන දින ලියන ලද ලිපිය ලංකාවට ලැබෙන්නේ 15 දිනය. ක්‍රිස්ටෝෆර් හාදි මහතා තවම ඊමේල් ඉගෙන ගනිමින් සිටින නිසා විය හැකිය. ඒසේ ශ්‍රී ලාංකේය රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලිපිය ලැබුන වහාම රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමක් නොමැතිවම ඒජාප මඩ බලකායටත් ලබා දී හමාරය. ලංකාව නම් පුදුමාකාරය. මේ කාර්යක්ෂමතාවය බැංකු හොරු ඇල්ලීමටත් පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ තොරතුරු වෙනුවෙනුත් යෙදවූයේ නම් අද එජාපය මේ අසරණ තත්වයට වැටෙන්නේ නැත. මෙවැනි ලිපියක් 11 දිනම ලැබුනේ නම් රාජ්‍ය බලය ඇති එජාපය කල යුතුව තිබුනේ 12 වන දිනම අධිකරණයට නඩුවක් ගොනු කිරීමය. එසේ කිරීමටත් නොහැකිය.. ලිපිය ලැබුනේ සාමාන්‍ය තැපෑලෙන් 15 දාය. 11දිනම ලැබුනද රනිල් වෙනුවෙන් නඩු ගොනුකරන අනුර කුමාර මැතිවරණ රැස්වීම් වල නිසාද විය හැකිය.
කෙසේ හෝ පිහිටට තවමත් වට්ස් ඇප් නම් ඇත..   
තව දුරටත් කිව යුතු කරුණක් ඇත. මෙවැනි බොරුවක් වුවද ජනගත කරන ක්‍රමය එජාප මඩ බලකාය ඉගෙන ගත යුතුව ඇත. කලබලේට කොරහෙත් අත දමා ගැනීමට හැකියාවක් නැත යනුවෙන් කියමනක් ඇත. මෙම ලිපිය ප්‍රචාරය කිරීමට පෙර අඩුම තරමේ පිළිගත් වෙබ් පුවත් අඩවියකවත් ඵලකරන ලෙස අපි ඔවුනට කියා දීමට කැමතිය. ඒ එසේ නොකළ විට එහි විශ්වසනීය භාවය තහවුරු නොවන නිසාය. මොවුන් මේ සඳහා  යොදාගෙන ඇත්තේ පුද්ගලයින්ගේ පෞද්ගලික ඕපාදූප ප්‍රචලිත කොට එය නැවැත්වීම සඳහා කප්පන් ගන්නා හා ඒබව කව්රුත් දන්නා lanakaenews වෙබ් අඩවියයි. කිව හැක්කේ මඩ කරියන්ට පව් කියා පමණි...
අප අවසානයේ කිව යුත්තේ මඩ බොරු පොරොන්දු, බත් පැකට්ටු හා අරක්කු බෝතල් වලට චන්ද ලබා ගන්නා ක්‍රමය මේ වනවිටත් අවසන් කර ඇති බවත්, බුද්ධිමත් ශ්‍රී ලාංකේය චන්ද දායකයා ගෝඨාභය සංස්කෘතියට අවතීර්ණ වී අවසන් බවත් ය.
කෙසේ වුවද මේ වනවිටත් මෙම ව්‍යාජ ලිපියේ මූලාරම්භකරු පිලිබඳ සියලු තොරතුරු නිරාවරණය වී හමාරය. මීළඟ යුගය මෙවැනි දේ seet belt නීතිය මෙන් නීතියානුකූලව නැවතෙන යුගයක් බවද මතක් කලයුතුව ඇත.



More News »