තිරිගු පිටි මිල වැඩි කෙරේ ?

2019-11-15 03:04:00       696
feature-top
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 8.50 කින් ඉහළ දමා තිබෙනවා. ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට  මිල ඉහළ දැමූ බවයි ප්‍රිමා සමාගම පැවසුවේ. තමන් මීට පෙර තිරිගු පිටි මිල වැඩි කළ අතර රජයේ ඉල්ලීමක් මත එලෙස වැඩි කළ මිල ඉවත් කළ බවයි ප්‍රිමා සමාගම වැඩිදුරටත් පැවසුවේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට නැවත කෙරුණු මිල වැඩි කිරීමට අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 104.50 ක් වනවා.

මේ අතර තිරිගු පිටි මිල ඉහළ යාම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිලද අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දමන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර කැබිනට් නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ හා මහජන බෙදාහැරීම් අමාත්‍ය අචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රීමා සමාගමට පිටි මිල වැඩි කිරීමට තනි තීරණයක් ගැනීමට නොහැකි බවත් ඒ සඳහා රජයේ ජිවන කමිටුවෙන් සහ පාරිභෝගික අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »