ජනාධිපතිවරණය ගැන අසත්‍ය ලිපියක් සමාජ මාධ්‍යජාල වලට මුදා හැරලා

2019-11-15 03:03:00       706
feature-top
රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් පවතින ලිපිය සම්පුර්ණයෙන්ම අසත්‍ය එකක් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

"අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන අතිශය රහසිගත බුද්ධි අංශ වාර්තාව" යන ශීර්ෂයෙන් යුත් මෙම ලිපිය හෝ එහි අඩංගු කිසිදු කරුණක් සත්‍ය නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

රාජ්‍ය බුද්ධි සේවයද ඇතුලත්ව ශ්‍රී ලංකා පොලිසියේ කිසිදු ආයතනයක් ස්වාධින ආයතන වශයෙන් මෙම අසත්‍ය ලිපියේ දක්වා ඇති ආකාරයට දේශපාලන කටයුතුවල නිරතවිමක් හෝ මැදිහත්වීමක් හෝ ජනාධිපතිවරණයට අදාළ කිසිදු සමීක්ෂණයක් සිදුනොකරන බවයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටින්නේ.

ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී අයුරින් පැවැත්වීම උදෙසා ආරක්ෂා සහිත වටපිටාවක් සැකසීම පොලිසියේ පුර්ණ අවධානය යොමුව ඇති බවත් මෙවැනි අසත්‍ය ලිපියක් සකසා සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහළ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයා බලා නීතිමය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ විමර්ශනය යොමු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »