ජනාධිපති ගෝටාභය යටතේ බැදුම්කර හොරුන්ට, කැබිනට් මණ්ඩල අපරාධකාරයන්ට දඬුවම්…

2019-11-15 12:15:00       710
feature-top
සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි ,ලෝකයට ම ආදර්ශමත් රාජ්‍ය පාලනයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වන මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති වන අනාගත නව ආණ්ඩුවෙන් නිර්මාණය වන බවත් ,ඒ තුළ බෙදුම්වාදයට ,ජාතිවාදයට ,ත්‍රස්තවාදයට හා ආගමික අන්තවාදයට ඉඩක් නොලැබෙනු ඇති බවත් විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

ප්‍රජාතන්ත්‍රවාදය සමග ත්‍රස්තවාදයට හෝ වෙනත් කුමන හෝ අන්තවාදයකට එකට පැවැතිය නොහැකි බව කී ඒ මහතා, එය අවබෝධ කර ගත් රටට – දැයට ආදරය කරන නායකයන් දෙදෙනෙකුට රට බාර වීම ජාතියේම වාසනාවක් යැයි ද සදහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,” ජනාධිපතිවරණය හා රටේ අනාගතය ” මැයෙන් මාතර දිස්ත්‍රික්කයේ පැවැති සුහද හමු මාලාවට සමගාමීව බෙරලපනාතර – ගල්බොක්ක ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් ඉකුත් 12 වැනිදා පැවැති අසූ තුන් වැනි (83) සුහද හමුවට එක් වෙමිනි . මෙම සුහද හමු අසූ තුනෙන් තිස් නවයක් ම ( 39 )ක් ම පැවැතියේ ප්‍රබල එජාප පාක්ෂිකයන්ගේ නිවෙස් කේන්ද්‍ර කර ගෙන වීම විශේෂත්වයකි .

බෙරලපනාතර පැවැති හමුවේදී හෙට්ටිගේ මහතා මෙසේද කීය .

” හොඳට තිබුන රට ආපස්සට ඇද දමා දෙකෝටියකට අධික ජනතාවට කඳුල – සුසුම උරුම කර දුන් යහ පාලන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයම සැලකිය යුත්තේ අපරාධ කරුවන් ලෙසයි .ඔවුන්ට මෙවර ජනතාවගෙන් මෙන් ම සොබා දහමෙන් ද ගැලවීමක් නෑ .මහ බැංකු මගඩියෙන් රටේ ආර්ථිකයට සිදු වී ඇති සමස්ත පාඩුව හරියටම කියා ගන්නත් බෑ .රුපියල් ලක්‍ෂ කෝටිය ඉක්මවා තිබෙනවා .මේ මගඩිය කරපු යහ පාලකයන් ලැජ්ජා බය නැතුව සිටින හැටි පුදුමයි .මෙවැනි අයට නීත්‍යනුකුලව හැකි උපරීම දඬුවම් දිය යුතු වෙනවා . ගෝඨාභය මහතා ජනාධිපති කරමින් ජනතාව ආරම්භ කරන නව පාලනයේදී මේ කටයුතු සිදු වෙනවා .

16 වැනිදායින් පසු ජනතාවට රටට සෞභාගය්‍යයේ අරුණැල්ල උදා වෙනවා .එහෙත් සියලු අපේක්ෂා එක විට මල් ඵල ගැන්වෙන්නේත් නෑ .රට මුල් තැන තබා කටයුතු කරන නායකයන් ‌ එකතු වී රට පාලනය කරන විට සාමයට හා රටේ සංවර්ධනයට කැමැති සියලු දෙනාට නැවුම් ආශ්වාදයක් ලැබේවි .රටේ අනාගතය සුරක්ෂිත වෙනවා .ඉහළ ආර්ථික සංවර්ධනයක් ඇති වීමට පටන් ගන්නවා .එවැනි රටක් දරු පරපුරට උරුම වීම මව් – පිය ,වැඩි හිටි සැමට මොන තරම් සතුටක් ද ?දේශාභිමානී හැඟීමෙන් යුත් එදා සිටි මිනිසා අපට අහිමි කර තිබෙනවා .ඒ මිනිසා යළි මේ පොළවේ නිර්මාණය කර ගන්න ඕනෑ .වත්මන් දේශපාලන සංස්කෘතිය අනාගතයේ දී වෙනස් විය යුත්තේ ඒ නිසයි .

රාජ්‍ය පාලකයන් පුරවැසියන් සමග විශ්වාසයේ බැම්ම ශක්තිමත් කර ගන්න ඕනෑ .රට ගොඩ නැගීම වගේම රට විපතට ගෙන යාම ද කරන්නේ රට වැසියන් .2005 වැටුණු රට බාර ගෙන 2014 තෙක් හොඳින් ගොඩ නැගුනේ ජනතාව මහින්ද මහත්තයට රට බාර දීම නිසයි .දැන් රට විනාශකාරී තැනට වැටී ඇත්තේ ද එදා ජනතාව ” යහ පාලනය ” තෝරා ගැනීමෙන් .ඒ නිසා අනාගතයේ දී රට වැසියා දේශපාලන ප්‍රඥාවෙන් දියුණුව සිටින්න ඕනෑ .සෝබන විකාර රූපී දේශපාලනයට ඉඩ ලැබිය යුතු නෑ .ඝෝෂා කාරී දේශපාලනයෙන් ජනතාව පීඩාවට පත් වෙලා .
ජනාධිපති – අගමැති ධූර වලට හොඳම අය පත් වෙනවා සේම අනාගතයේදී පළාත් සභාවට හා පාර්ලිමේන්තුවට ද හොඳ ම අය පත් කර ගැනීමේ වගකීම ද පුරවැසියන් සතුයි .දේශපාලනඥයා හොඳ මානව හිතවාදියෙක් විය යුතුයි .බලයෙන් ධනයෙන් අන්ධ වූ අයට දුර පේන්නේ නෑ .එතැනදී තමනුත් විනාශ වී රට ද විනාශයට යනවා .ඊට හොඳම උදාහරණය යහ පාලකයන් .ඔවුන් නැවත ගෙදර යන්නේ රටට ණය කාරයන් ලෙස යැයි ද හෙට්ටිගේ මහතා කීය .
(under the courtesy of lankacnews.com news web)

More News »