අමෙරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

2019-11-15 09:03:00       708
feature-top
ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළවයි.

ජනාධිපතිවරණයට පෙර හා පසු ඇතිවිය හැකි උද්ඝෝෂණ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සිය පුරවැසියන් දැනුවත් කර සිටින්නේ. එමෙන්ම පසුගිය අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරයෙන් පසුව මෙරට සංචාරය කිරීමේදී පනවා තිබු දෙවන මට්ටමේ සංචාරක උපදේශකත්වයේ කිසිදු වෙනසක් සිදුකර නොමැති බවට එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී මහජන උද්ඝෝෂණ සහ රැස්වීම් පැවැත්වෙන ස්ථාන සම්බන්ධයෙන් ද, අධික ලෙස මහජනතාව ගැවසෙන ස්ථාන සහ සංචාරක ස්ථාන වලදී අවධානයෙන් පසුවන ලෙසට එම නිවේදනයෙන් අමෙරිකානු පුරවැසියන් දැනුවත් කර තිබෙනවා.

 
(under the courtesy of nethnews.lk news web)

More News »