කිෂූ ගෝමස් ඉල්ලා අස්වෙයි

2019-11-15 09:02:00       709
feature-top
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති කිෂූ ගෝමස් සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විසින් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ අද (15) සිට තමාගේ ඉල්ලා අස්වීම බලපැවැත්වෙන බවයි.

තමන් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා වශයෙන් වැඩ භාරගෙන ඉතා කෙටි කාලයකින් අප්‍රේල් 21 වෙනිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ බවත් මෙරට සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගත් බවයි කිෂූ ගෝමස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

හෙට (16) දිනයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව බලයට පත්වෙන නව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය විසින් සියලු සංස්ථා සහ මණ්ඩලවල සභාපතිවරුන් අලුතින් පත්කිරීමට කටයුතු කරන බැවින් ඊට ඉඩදෙමින් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි කිෂූ ගෝමස් වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




(under the courtesy of nethnews.lk news web)

More News »