ඡන්ද රාජකාරී කරන රාජ්‍ය සේවකයන්ට මැතිවරණ කොමිසමෙන් උපදෙස් මාලාවක්

2019-11-15 09:00:00       696
feature-top
ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරී සදහා අනියුක්ත කර සිටින සියළු රාජ්‍ය සේවකයින් වෙත මැතිවරණ කොමිෂන් සභාව පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ, සිය රාජකාරී වගකීම් සහගතව කාර්යක්‍ෂමව හා අපක්‍ෂපාතිව ඉටු කරන්නැයි සිහිපත් කරමින්. රජයෙන් දෛනික වැටුප් ලබන අනියම් සහායකයින්ගේ සිට තේරීම්භාර නිලධාරීන් දක්වා විශේෂ රාජකාරීවල යෙදෙන සියළු රාජ්‍ය සේවකයින් ස්වකීය කාර්යභාරය මනා අවබෝධයකින් හා සුපරික්‍ෂාකාරීව සිදුකළ යුතු බව ද මෙමගින් අවධාරණය කර තිබෙනවා.

ඡන්ද විමසීම සිදු කෙරෙන කාලය තුළ ඡන්ද දායකයින්, ඡන්ද අපේක්‍ෂකයින් සහ ඔවුන්ගේ අවසරලත් නියෝජිතයන් සමග සුහදව කටයුතු කරන ලෙසයි මැතිවරණ කොමිසම විශේෂ රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. කිසිවෙකුටත් බිය නොවන ලෙසද මැතිවරණ රාජකාරී සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයින් වගකිව යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවට සහ අධිකරණයට පමණක් බවද මෙමගින් සිහිපත් කර තිබෙනවා.

ඒ අනුව ස්වකීය රාජකාරී කිසිවෙකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වා අත්‍යන්තයෙන් අපක්‍ෂපාතීව සිදු කරන ලෙසයි මැතිවරණ කොමිසම විශේෂ රාජකාරීවල නිරත රාජ්‍ය සේවකයන්ට උපදෙස් ලබාදෙන්නේ.
 


(under the courtesy of nethnews.lk news web)

More News »