රාජිත හෙලිකල සුදු වෑන් රියදුරන් දෙදෙනා පොලිසියට ගෙන යන්නයි තිබුනේ.. ඔවුන් අපරාධ සහායකයන්.. – අජිත් පී පෙරේ.

2019-11-14 03:55:00       702
feature-top
රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය හමුවකට ගෙන විත් ආපසු ගෙන යන ලද සුදු වෑන් රියදුරන් දෙදෙනා පොලිසියට රැගෙන යා යුතුව තිබූ බව තමන් විශ්වාස යැයි කැබිනට් ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරයි.

එම පුද්ගලයන් ද අපරාධ සහයකින් බව ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා එම පියවර නොගෙන රටට හෙළිදරව් කිරීම පමණක් සිදු කළ බවත් ඔහු පැවසීය.

රාජිත සේනාරත්න මහතා තමනට සත්‍යය යැයි විශ්වාස කළ හැකි දේ සිදුකර ඇතැයි ද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
(under the courtesy of lankacnews.com news web)

More News »