වසර 38 කට පසුව විදේශ ගුවන් යානාවලින් අයකරන ගාස්තු 57% කින් ඉහළට
2019-11-14 03:53:00  ★ 695

වසර 38 කට පසුව ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු යනු ඕනෑම රටක ගුවන් සීමාවේ පියාසර කරන විදේශීය ගුවන් යානාවලින් එම රට අය කරනා ගාස්තු වේ.
ගුවන් කේෂත්‍රයේදී රටක් විදේශීය විනිමය උපයන ප්‍රධාන ආදායම් මාර්ගයක් වන්නේද එම ගාස්තු අය කිරීමයි. ශ්‍රී ලංකාවේදී එකී ගාස්තු අය කිරීමේ බලය පැවරෙන්නේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ඇති සිවිල් ගුවන් සේවා අධිකාරියටයි.
එම අධිකාරිය විසින් මීට ඉහත එම ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් සහ සේවා සැපයීමේ ගාස්තු ප්‍රකාශයට පත් කෙරුණේ 1981 වර්ෂයේදී. එයින් වසර 38කට පසුව එම ගාස්තු මෙවර සංශෝධනය කිරීම විශේෂත්වයකි.
අද (14) ප්‍රවාහන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී එම නව ගාස්තු නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ මෙම නව සංශෝධනයත් සමඟ මෙතෙක් ලබා ගත් ආදායමට වඩා වාර්ෂිකව රුපියල් මිලියන 813ක අමතර ආදායමක් ශ්‍රී ලංකාවට හිමි වන බවයි.
ශ්‍රී ලංකා ගුවන් සීමාවේ දෛනිකව පියාසර කරන ගුවන් යානා ගණන 125ක් පමණ වේ. මීට පෙර එම ගුවන් යානාවලින් ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු අය කිරීමෙන් දෙදෙනිකව ලැබුණු මුදල රුපියල් මිලියන 3.9කි. වාර්ෂිකව ගත්විට එම මුදල රුපියල් මිලියන 1412.6ක් විය. නව ගාස්තු සංශෝධනයත් සමඟ දෛනිකව ලැබෙන මුදල රුපියල් මිලියන 6.1 දක්වාද වාර්ෂිකව ලැබෙන මුදල රුපියල් මිලියන 2225.6 දක්වාද ඉහළ යයි.
ප්‍රතිශතයක් ලෙස ගත් විට එම වැඩිවීම සියයට 57ක වැඩි වීමකි. අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ එම මුදල් ඉදිරියේදී දේශීය ගුවන් තොටුපොළ සංවර්ධනයට හා ඒ ආශ්රිත වැඩි දියුණු කිරීම්වලට මූලික වශයෙන් යෙදවීමට අපේක්ෂා කරන බවයි.
" අපේ රටේ ගුවන් සීමාව අපේ රට මෙන් විසි ගුණයකින් විශාලයි. එම ගුවන් සීමාව ධන උල්පතක්. නමුත් මීට පෙර කවුරුවත් එයින් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළේ නැහැ. විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවලට සාපේක්ෂව ගත්විට අපේ රටේ ගුවන් මාර්ගස්ථ සංතරණ පහසුකම් හා සේවා සැපයීම් ගාස්තු තිබුණේ ඉතාම පහළ මට්ටමකම. එයින් විදේශ විනිමය විශාල වශයෙන් අපට අහිමි වුණා. නමුත් දීර්ඝ උත්සාහයකින් පසුව මේ ගාස්තු වැඩි කිරීමට අප කටයුතු කළා. මේ නව ගාස්තු ලබන පෙබරවාරි මාසයේ මුල සිට ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ගුවන් සීමාවට මේ වන විට වැඩි ඉල්ලුමක් ඇතිව තිබෙනවා. ඒ ඉන්දියානු ගුවන් සීමාවේ ඇති කාර්ය බහුල තත්ත්වය හේතුවෙන්. ඒ මත ඉදිරියේදී මේ ගාස්තු අය කිරීමෙන් ලැබෙන මුදල තවත් වැඩි වෙනු ඇතැයි අපි අපේක්ෂා කරන බව" අමාත්‍ය අර්ජුණ රණතුංග පවසා සිටියා
(under the courtesy of nethnews.lk news web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com