ආරක්ෂක අමාත්‍යාංශය හරහා කෙටි පණිවිඩ සේවාවක්

2019-11-14 12:55:00       689
feature-top
ආරක්ෂක අමාත්‍යාංශය විසින් කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කර තිබෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් නිල හා නිවැරදි තොරතුරු ජනතාව වෙත කඩිනමින් දැනුම් දීම මෙහි අපේක්ෂාවයි.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු කියා සිටියේ වැරදි ප්‍රචාර, ආරක්ෂාව පිළිබඳ අවශ්‍යම තොරතුරු පිළිබඳව ජනතාව මෙලෙස දැනුවත් කෙරෙන බවයි.

මෙම කෙටි පණිවිඩ සේවාව විශේෂයෙන් සක්‍රිය කරගත යුතු නැතැයි ද මේ යටතේ වන කෙටි පණිවිඩ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව හරහා කෙටි පණිවිඩ සේවාව සහිත සියලු දුරකථන වෙත නිකුත් කෙරෙන  බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »