ගෑස් හිඟයක් නැතත් තැන තැන තවමත් පෝළිම්

2019-11-14 12:55:00       691
feature-top
රට පුරා ඇතැම් ප්‍රදේශවල අලෙවිසැල්වලින් ගෑස් නිකුත් කිරීම තවමත් සිදු වන්නේ මන්දගාමීව බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ගෑස් මිලදී ගැනීම සඳහා පෝළිම්වල රැඳී සිටීමට පාරිභෝගිකයන්ට තවමත් සිදුව ඇති බවයි ඒ පිළිබඳ කළ සොයා බැලීමේදී දැකගත හැකි වුණේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ලිට්‍රො ගෑස් සමාගමෙන් විමසීමක් කළා. එහි අලෙවි, වෙළඳ හා ආයතනික සම්බන්ධතා අධ්‍යක්ෂ ජනක පතිරත්න පැවසුවේ පාරිභෝගිකයින් සඳහා ගෑස් හිඟයක් මේ වනවිට නොමැති බවයි. එහෙත් හිඟය පැවති වකවානුවේදී නියෝජිතායතනවල අඩු වූ තොග තවමත් සම්පූර්ණ කර නොමැති බව ඔහු පැවසුවා.

නියෝජිතායතනවල තොග සම්පූර්ණ කර, ගෑස් අලෙවිය සාමාන්‍ය තත්වයට පත් කිරීමට තවත් සතියක් පමණ ගතවනු ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
 


(under the courtesy of nethnews.lk news web)

More News »