ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයින්ට කැඳවීමක්

2019-11-14 12:54:00       704
feature-top
රට පුරා සියලු රජයේ පාසල් හෙට (15) නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා පහසුකම් සැපයීම මෙහි අපේක්ෂාවයි.

මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනෙන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා (16) පැවැත්වෙනවා. එහිදී ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් අද පස්වරුවේ ග්‍රාම නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමට නියමිතයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 35 දෙනෙකු තරඟ කරනවා. ඔවුන් හෝ ඔවුන්ගේ නියෝජිතයින්, විශේෂ සාකච්ඡාවක් සඳහා අද මැතිවරණ මහලේකම් කාර්යයාලය වෙත කැඳවා තිබෙන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මේ අතර, ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව, අපේක්ෂකයින්ට වාසිදායක හෝ අගතිදායක කිසිදු කටයුත්තක තවදුරටත් නිරත නොවන්නැයි අපේක්ෂකයින්ගෙන් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් නැවත ඉල්ලා සිටින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

More News »