ගෝටාට සහය දෙන්න පාස්කු ත‍්‍රස්තයන්ගෙන් මන්නාරමේ රැළියක්.. Whatsapp කෙප්පය අතේ පත්තු වේ..

2019-11-14 12:17:00       690
feature-top
පාස්කු ඉරිදා දිනයේ මෙරටට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන්ගේ සහයද ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දී ඇතැයි අන්තර්ජාලයට මුදාහැර ඇති වීඩියෝව අසත්‍ය එකක් බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මන්නරමේ දී ත්‍රස්තවාදී අනුග්‍රහය ලබන රැස්වීමක් පැවති ඇති බවටත් එහි දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබාදිය යුතු බවට පැවසූ බවටත් එකී වීඩියෝ දැක්වෙයි.

මෙම නින්දිත සා නිර්ලජ්ජිත ක්‍රියාව නොකරන ලෙස ඉල්ලා සිටින මාධ්‍ය ඒකකය යහපාලනය විසින් නියත පරාජය හමුවේ මේ ආකාරයේ මඩ පුවත් පත් මවමින් සිටින බවද කියා සිටී.
(under the courtesy of lankacnews.com news web)

More News »