නැටූ නැටුමකුත් නෑ.. බෙරේ පලුවකුත් නෑ.. පොලිසියෙන් කුදලං යන්න පෙර කුලී උපවාසකරු උපවාසය නිම කර පැන යයි..

2019-11-14 09:31:00       699
feature-top
කොළඹ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී ආචාර පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල සාමණේර හිමියන් ආරම්භ කර තිබූ උපවාසය අවසන් කරන ලදී.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එම ස්ථානයට පැමිණීමෙන් පසු උන්වහන්සේ උපවාසය අවසන් කලහ.

ජනාධිපති අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවත් දින තුනක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කර තිබිනි.

උපවාසය අතරතුරදී තාවකාලික විරාම ගැනීම් සමා ජාලාවන්හි උසුලු විසුලු වලෙ ලක් වූ අතර උපවාස ස්ථානයට තුන් වේලටම ආහාර ලබා දීම්ද සිදු විය.

මේ අතර ඊයේ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ පුර්ව මැතිවරන ප‍්‍රචාරක කටයුතු රාත‍්‍රි 12න් අවසන් වන නිසා භික්ෂූන් වහන්සේලා විසින් ආරම්භ කර ඇති උපවාස මධ්‍යම රාත්‍රී 12 වීමට පෙර අවසන් කරන ලෙසයි.

එසේ නොවුණහොත් මැතිවරණ නීතියට අනුව පොලිසිය යොදා ඉවත් කිරීමට සිදුවන බවත් සදහන් කරන ලදී.

මේ අනුව පොලිසිය පැමින කුදලාගෙන යාම පෙර එකදු වසක් හෝ නොපිරූ මස හයකට පෙර සිවුර පොරවාගත් කුලී උපවාසකරුගේ උපවාසය අවසන් කරන ලදී.

මීට පෙර උපවාසයේ යෙදුනු භික්ෂුන් වහන්සේලාට මුදල් ඇමති මංගල සමර වීර කියා සිටියේ කුලී උපවාසකරුවන් ලෙස වන අතර මෙම උපවාසය සම්බන්ධයෙන් සැලකිය යුතු ප‍්‍රකාශයක් නොකිරීමට ප‍්‍රවේශම් සහගත විය.
(under the courtesy of lankacnews.com news web)

More News »