ජනාධිපතිවරණයට පෙර පක්ෂ නියෝජිතයින් හා කොමිසම අතර අවසන් සාකච්ඡාව අද

2019-11-14 09:16:00       684
feature-top
ජනාධිපතිවරණයට අදාලව දේශපාලන පක්ෂ නියෝජිතයින් හා මැතිවරණ කොමිෂන් සභාව අතර  විශේෂ සාකච්ඡාවක් අද (14)  පැවැත්විමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ ජනාධිපතිවරණයට පෙර දේශපාලන නියෝජිතයින් සමඟ පවත්වන අවසන් සාකච්ඡාව මෙය බවයි.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වන දිනයේ කටයුතු සම්බන්ධයෙන් හා ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරිම පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කිරිමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සදහා මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට, දේශපාලන පක්ෂවල ‍ලේකම්වරුන්ට සහ පක්ෂ නියෝජිතයින්ට ආරාධනා කර ඇති බව සදහන්.

මේ අතර ජනාධිපතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

ඒ අනුව අද දිනයේ සිට කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදු නොකළ යුතු අතර පෝස්ටර් සහ කටවුට් සියල්ල ඉවත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

ඡන්ද බල ප්‍රදේශවල මැතිවරණ කාර්යාල හැර අනෙක් මැතිවරණ කාර්යාල ද අද දිනය තුළ ඉවත් කළ යුතු බව මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය.

 
මේ අතර දිස්ත්‍රික්ක 09ක ආරක්ෂක කටයුතු සදහා නියෝජ්‍ය පොලිස්පතිවරුන් 09 දෙනෙකු අනුයුක්ත කිරිමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

මැතිවරණ නීති උල්ලංඝණයවිම් සම්බන්ධයෙන් අද දිනයේ සිට විශේෂ ආරක්ෂක වැඩපිළීවෙලක්  ආරම්භ කරන බව රුවන් ගුණසේකර මහතා පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »