එජාප මන්ත‍්‍රින් තවත් 05ක් නාමල් සමග සාකච්චා.. මහින්දගේ පණිවුඩයත් එයි.

2019-11-14 08:46:00       713
feature-top
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තවත් පස් දෙනෙකු සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ අවසන් දින ජනාධිපතිවරණ මැතිවරණ රැළි අතරමගදී කොළඹ බලා පිටත්ව තිබේ.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු මන්ත්‍රීවරයා සමග සාකච්ඡා කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ සදහා එක්ව ඇත.

ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන නව ආණ්ඩුවකට සහයෝගය දීම සඳහා මෙම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කැමැත්ත පළ කර ඇති අතර ඔවුන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් නොවී සහයෝගය දීමට ද එකඟතාව පළ කර ඇත.

නාමල් රාජපක්ෂ මහතා කොළඹ බලා පැමිණ ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ හදිසි පණිවුඩයක් එම පිරිස වෙත රැුගෙන යයිද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පෙරේදා දිනයේදීද කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී රාජපක්‍ෂ ප‍්‍රබලයෙකු හමුවී නව ආණ්ඩුවට සහයෝගය කිරීමට එකඟතාවය පළකර ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »