ගෝඨාගේ පුරවැසිභාවය පිළිබඳ අභියාචනාධිකරණය දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණට පෙත්සමක්
2019-11-13 01:02:00  ★ 708

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කරනු ලැබුවා.
මෙම අභියාචන පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කරනු ලැබුවා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබා ගෙන නොමැති බව පවසමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ප්රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නියෝග කළා.
අභියාචනාධිකරණය ඔක්තෝබර් මස 04 දා නිකුත් කළ තීන්දුව දෝෂ සහිත බවත් එබැවින් එම තීන්දුව බල ශූන්‍ය කර පෙත්සම්කරුවන් ඉල්ලා ඇති සහනයන් ලබා දෙන ලෙසට මෙම අභියාචන පෙත්සමෙන් ඉල්ලා සිටියි.
(under the courtesy of nethnews.lk news web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com