රාජිත කැම්පේන් එක කෑවා.. අපි ඉවරයි.. එජාප සජිත් පිල රාජිතට පස්පඩංගුවේ බැණ වදී..

2019-11-13 08:41:00       728
feature-top
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන්නන්ගේ දැඩි විවේචනයට ඇමැති රාජිත සේනාරත්න මහතා පාත්‍ර වී තිබේ.

ඊට හේතුවී ඇත්තේ මෑතකදී ඔහු විසින් හෙළි කරන ලද සුදු වෑන් සහ රත්තරං ටොන් 7000 මහා හෙළිදරව්වයි.

එම මාධ්‍ය සාකච්ඡාව මේ වන විටත් සමාජය තුල දැඩි ලෙස උසුළු විසුළු කරන තත්වයට පත්ව තිබීම නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක ව්‍යාපෘතිය විශාල ලෙස පසු බා ඇති බව ඔවුන් චෝදනා කරමින් සිටි.

එක්සත් ජාතික පක්ෂයට හිතවාදී සමාජ ජාලා පිටු මෙන්ම ඔවුන් විසින් මෙහෙයවන වෙබ් අඩවිද රාජිත සේනාරත්න මහතා නම් කරමින් දැඩි ලෙස විවේචනය ඉදිරිපත් කරමින් සිටිනු දැකිය හැකිය.

More News »