විපක්‍ෂයේ එක මන්ත‍්‍රීවරයෙක් හෝ බාන්න එජාපය උපරිම ලංසුව තියයි.. කෝටි 80කට පනින්න මන්ත‍්‍රීවරයෙක් සමගින් සාකච්චා..

2019-11-11 04:34:00       723
feature-top
ජනාධිපතිවරණයේ එජාප අවසන් වේදිකාවට හෝ විපක්‍ෂය නියෝජනය කරන එකම එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ එක් කරවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රබල උත්සාහයක් දරමින් සිටින බව සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ වන විටත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා කර ඇතත් පවතින තත්වය මත ඔවුන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට අදිමදි කරමින් සිටින බවද දැනගන්නට ඇත.

මේ හේතුවෙන් මන්ත්‍රීවරයෙකු සදහා වූ ලංසු කෝටි 80 දක්වා ඉහළ ගොස් ඇති අතර කොළඹින් පිට පළාතක මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි 80 ක ලංසුවක් නියම කර තිබේ.

මන්ත‍්‍රීවරයා ඒ සම්බන්ධයෙන් දෙගිඩියාවකට පත් ව සිටින බවද වාර්තාවෙයි.

ඇතැම්විට ඔහු අවසාන එජාප වේදිකාවට ගොඩ වීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපතිවරණ ප‍්‍රචාරක කාලයේ මේ දක්වාම කිසිදු විපක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු එජාප වේදිකාවට එක්වූයේ නැත.
(under the courtesy of lankacnews.com news web)

More News »