මවු බිමේ සුජාත පුත්‍රයා මමයි.. මං ජනාධිපති බව දැනටත් තහවුරුයි.. මාව දිනවන්න ජනතාව පේලි පේලි හැදිලා ඉන්නේ..

2019-11-11 01:25:00       731
feature-top
තමන් මාතෘ භූමියේ සුජාත පුත්‍රයකු බවත් මේ වන විටත් තමන් ජනාධිපතිවරයා බවට තහවුරු වී ඇති බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළියේ දී පැවැති එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

16 වෙනිදාට ඔරිජිනල් ශ්‍රී ලාංකිකයකු ජනාධිපති කිරීමට ශ්‍රී ලාංකික ජනතාව පෙළ ගැසී සිටින බවද ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »