ගෝටාභය අපේ සමාගමේ ගුවන් ගමනක් වෙන් කර නෑ..- Emirates කියයි..

2019-11-11 12:19:00       728
feature-top
නොවැම්බර් 18 වන දා ගෝඨාභය රාජපක්ෂ මහතා නමින් තම සමාගමේ කිසිදු යානාවක ගුවන් ටිකට්පතක් වෙන් කරගෙන නැති බව එමිරේට්ස් ගුවන් සේවා සමාගම සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පසු නොවැම්බර් 18 වන දා ඇමෙරිකාවේ ලොස්ඇන්ජලිස් බලා පිටත්වීමට ගුවන් ටිකට්පත් වෙන්කරගෙන ඇති බවට පලවූ වාර්තා සම්බන්ධයෙසන් ප‍්‍රතිචාර දක්වමින් සමාගම මේ බව කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය හිතවාදී සමාජ ජාල ගිණුම් වලින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ගුවන් ටිකට්පතක් බෙදාහැර තිබූ අතර ඒ පිලිබද ප‍්‍රතිචාර දක්වමින් සමාගම මේ බව කියා සිටියේය.

මේ අතර ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාද සඳහන් කරන්නේ ගෝටාභය රාජපක්ෂ මහතා නොවැම්බර් 18 වන දා විදේශගත වීමට කිසිදු සූදානමක් නැති බවයි.

මේ වන විටත් රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය පැත්තේ අධිකරණය භාරයේ බවත් එය මේ වන තෙක් මුදාහැර නැති බවත් ඔහු සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

More News »