සහරාන්ගේ බිරිද කොළඹට ගෙන එයි.. විශාල මුදලක් දෙයි.. ගෝටාට විරුද්ද මාධ්‍ය හමුව සූදානම්..

2019-11-09 11:06:00       396
feature-top
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ මෙහෙයුම්කරුවා වන සහරාන් හෂීම්ගේ බිරිඳ මේ වන විට කොළඹට ගෙන්වාගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඇයට විශාල මුදල් ප්‍රමාණයක් දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සියලු කටයුතු මංගල සමරවීර, රාජිත සේනාරත්න ඇමතිවරුන් විසින් සූදානම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

සහරාන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හතර වතාවක් මුණගැසුනු බව බිරිඳ මගින් කියවීමට උත්සාහ ගන්නා බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පොලොන්නරුවේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙ ජන හමුවක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »