කටුනායක ගුවන් තොටුපොලේ විදුලිය බිද වැටෙයි

2019-11-09 11:05:00       183
feature-top
කටුනායක ගුවන් තොටුපොලේ විදුලිය බිද වැටීමක් සිදුව තිබෙනවා.

පෙරවරු 9.20 ට පමණ එලෙස විදුලි සැපයුම බිද වැටී ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් ගුවන් තොටුපොල කටයුතුවලටද බාධා එල්ල වී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

විදුලිය බිද වැටුණු අවස්ථාවලදී කි‍්‍රයාත්මක වන ගුවන් තොටුපොලේ විදුලි ජනන පද්ධතියද එම අවස්ථාවේ කි‍්‍රයාත්මක වී නැහැ.


(under the courtesy of nethnews.lk news web)

More News »