මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් අස්වෙනවා.. ආතතිය අධිකයි..- මහින්ද දේශප‍්‍රිය

2019-11-08 04:47:00       577
feature-top
මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වී කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට තම අවධානය යොමුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

තමනට ඇතිව තිබෙන මානසික ආතතිය හේතුවෙන් මෙම තීරණය ගන්නා බවද ඒ මහතා සදහන් කලේය.

එළැඹෙන 16 වැනිදා ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු මෙම තීරණය ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

තමන 2020 නොවැම්බර් 14 දක්වා ධුරයේ කටයුතු කළ හැකි වුවද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමද ආතතියක් සේ හැගුනහොත් එයින්ද ඉවත් වන බවද ඔහු පැවසීය.

පළාත් සභා මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකිවීම තමනට දැඩි පීඩනයක් බවත් ඔහු වැඩි දුරටත් කීය.
(under the courtesy of lankacnews.com news web)

More News »