දකුණුදිග කලාපයට තද වැසි සහිත කුණාටුවක්

2019-10-24 09:18:00       316
feature-top
ප්‍රංශයේ දකුණුදිග කලාපයේ කුණාටුවක් හටගෙන තිබේ.

ඒ හේතුවෙන් නගර රැසක් ජලයෙන් යටවී ඇති බවද එරට වාර්තා සඳහන් කළේය.

දකුණුදිග ප්‍රංශයේ හටගෙන ඇති තද වැසි සහිත කුණාටුවත් සමග ගංවතුරක් හටගෙන තිබේ.

කලාපයේ නිවාස හා මහාමාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

අයහපත් කාලගුණය නිසා ප්‍රදේශවාසීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවද වාර්තා වෙයි.

ඇතැම් ප්‍රදේශවල ගංවතුර බැස ගියද මඩ තට්ටු තැන්පත්වී තිබීම නිසා මහාමාර්ග අවහිරවී තිබේ.

මේ හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි මාර්ග තදබදයක් දක්නට ලැබෙන බවත් සඳහන්ය.

මේ අතර  අධික වැසි සහිත කාලගුණය ඉදිරි පැය කිහිපය තුළද පවතිනු ඇති බවයි ප්‍රංශ කාලගුණ වාර්තා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »