මතබේද වැඩිවෙයි.. විසුම්පායේ තිබූ සජිත්ගේ ෆේස්බුක් මඩ බලකාය ඉවත් කරයි..

2019-10-23 02:15:00       536
feature-top
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් විසුම්පාය ගොඩනැගිල්ලේ පිහිටුවා තිබූ සමාජ ජාලා ප්‍රචාරක මධ්‍යස්ථානය එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

ප‍්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් මෙම කාර්යාලය ඉවත්කර ගෙන ඇති බව දැනගන්නට ඇත.

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ ඇමති චම්පික රණවක මහතාගේ උපදෙස් මතයි.

කිසිවකුට ඇතුළුවීමට නොහැකි වන සේ පැය 24 පුරා මෙහි ජනාධිපතිවරණයට අදාල සමාජ ජාලා මෙහෙයුම් කටයුතු සිදුකර ඇති බවද වාර්තා වෙයි.

විසුම්පාය ගොඩනැගිල්ල අයත් වන්නේ නාගරික සංවර්ධන අධිකාරියට වන අතර මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ පවත්වාගෙන යන්නේ ජනාධිපතිවරයා යටතේ ඇති රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඇති ආයතනයකි.
(under the courtesy of lankacnews.com news web)

More News »