දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කුණු බැණුම්..

2019-10-23 10:11:00       275
feature-top
2015 ජනාධිපතිවරණයේ දී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ගත් ක්‍රියාමාර්ගය වැරදි එකක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට විවිධ හේතු තිබුණ ද චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය කටයුතු කරන ලද්දේ රාජපක්ෂවරුන් සමග ඇති පුද්ගලික වෛරය නිසාම පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය වසර කිහිපය තුළ එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද දැඩි ලෙස හානි වූ බවත් ඊට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද වගකිව යුතු බවත් ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන ලද්දේ ම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී නිසා ශ්‍රී ලංකා ශ්‍රීලනිපය ආරක්ෂා කිරීමට යයි කියා නැවතත් එජාපයට එක් වූවොත් එය ආපස්සට යාමක් බවද මහ ලේකම්වරයා තවදුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »