ගෝටාභයට කිසිසේත්ම වතුකරයේ ජන්ද ගන්න බෑ..

2019-10-23 10:00:00       387
feature-top
යහපාලන රජය තුලින් ගත වු වසර 4 /12 කාලය තුල වතුකරයේ ජනතාවගේ නිවාස ප්‍රශ්නයට යම් විසදුමක් ලබා  දෙන අතරතුර වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් නංවාලිමට කටයුතු කල බව නුවරඑලිය දිස්ත්‍රික් එජාප ප.ම මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.

මයිල්වාගනම් තිලකරාජ් මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියේ හැටන් නගරයේදි විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු තිලකරාජ් මන්ත්‍රිවරයා කියා සිටියේ තොණ්ඩමන් මහතා වසර ගණනාවක් මේ රටේ විවිධ රජයන් යටතේ ප්‍රධාන අමාත්‍යය ධුර දැරුවද වතු කම්කරුවන් වෙනුවෙන් යහපත් දෙයක් මේ වන තෙක් ඉටු කර නොමැති බවත්, යහපාන රාජයක් යටතේ අමාත්‍යය පලනි දිගම්බරම් මහතා සහ දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නායකයින් මෙතෙක් සිදු කර ඇති වතුකරයේ සංවර්ධනය විවේචනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහාතාට ජන්ද ඉල්ලා යන බවයි.

වතුකරයේ ජනතාව එදා මෙන් අද  මුල කල නොහැකි බවත්, තොණ්ඩමන් මහතා සහ ඔහුන්ගේ ආධාරකරුවන් ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට  යන අවස්තාවේ ඔහුන්ව ප්‍රතික්ෂේප කරන බවත්,මයිල්වාගනම් තිලකරාජ් මහතා පැවසිය.

වතු කම්කරුවන් වෙනුවෙන් වත්මන් රජය යටතේ වතුකරයේ ඉදි කර ඇති නිවාස යෝජනා ක්‍රමය වතුකරයට ඉමහත් සේවාවක් කල දේශපාලන නායකයින්ගේ නම් වලින් නම් කර ඇති බවත්, තොණ්ඩමන් මහතා මේ වන තෙක් සිදු කර ඇත්තේ  තොණ්ඩමන් නාමය පමණක් හුවා දක්වන වතු කම්කරුවන්ට වැදගත් නැති සංවර්ධන කටයුතු කිහිපයක් බවයි.

වතුකරයේ ජනතාවගේ ජන්ද බලය ලබා ගැනිමට තොණ්ඩමන් මහාතා විවිධ උපක්‍රම මේ දිනවල ක්‍රියාත්මක කරන බවද මයිල්වාගනම් තිලකරාජ් මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියා.
(under the courtesy of lankacnews.com news web)

More News »