මෝටර් රථයක බුදු පිළිමයක් ඉවත් කිරීමක් ගැන පැතිර ගිය කතාව ගැන පොලිසියෙන් පැහැදිළි කිරීමක්

2019-10-22 01:42:00       765
feature-top
මෝටර් රථයක සවිකර තිබූ බුදු පිළිමයක් ඉවත් කරන ලෙසට රථ වාහන පොලිස් නිලධාරියෙකු විසින් දැනුම් දුන් බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනයකින් අනතුරුව අනාවරණය වී ඇත්තේ ප්‍රධාන ඉදිරිපස වීදුරුව අවහිර වන ලෙස මැද කණ්නාඩියේ සිට පහතට වැටෙන සේ සවිකර තිබූ මල් මාලා ඉවත් කරන ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.
(under the courtesy of nethnews.lk news web)

More News »