මහින්දට එක්වෙන්න සිටි මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රීන්ව හෝටල් කාමරයක හිරකර හකීම් යතුර අතට ගනී.. කොටසක් මක්කම යවයි..

2019-10-21 02:12:00       955
feature-top
තම පක්ෂයේ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා සමග එක් වීම වළක්වා ගැනීමට තමනට විවිධ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

ඇතැමුන් හෝටල් කාමරවලට දමා දොර වසා ගෙන සිටි බවත් ඒ ද මදි වූ පසු මක්කම වන්දනාවේ එක්ක ගිය බවත් ඔහු පැවසීය.

පසුගිය දින 52 ආණ්ඩුව කාලයේ දී මෙම තත්ත්වය උදා වූ බව ද ඔහු කියා සිටියේයය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැුලියක් අමතමිනි.
(under the courtesy of lankacnews.com news web)

More News »