බැදුම්කර මුදල් තොග ගණන් සොලවා මන්ත‍්‍රීන් මිලට ගනී.. මෙහෙයුම්කරු මලික්..

2019-10-21 02:07:00       522
feature-top
ශ්‍රි ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක් විමට එක්සත් ජාතික පක්ෂයේ පලාත් පාලන ආයතන නියෝජිතයන් සහ පා.ම වරුන් විශාල පිරිසක් එක් වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

නාවලපිටිය  නගරයේදි අද (21) උදැසන පැවති විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ බැදුම්කර වංචාවේ මුදල් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතා විසින් භාවිතා කර ගෝඨාභය රාජපක්ෂ මහාතාට සහයෝග දක්වන එම පිරිස විශාල වශයෙන් මුදල් වැය කර ලබා ගැනිමට කටයුතු කරමින් සිටින බවයි.

තවද බැදුම්කර වංචාව සම්බන්ධයෙන් නිතිපතිවරයා විසින් අමාත්‍යය මලික් සමරවික්‍රම මහතාට එරෙහිව අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරමින් සිටින බවත්, බැදුම්කර වංචාවේ මුදල් මේ දිනවල ජනාධිපතිවරණය සදහා භාවිතා කරන බව  මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා මෙම මාධ්‍යය හමුවේදි කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

More News »