වැසි සමග ජලාශ රැසක් වාන් මට්ටමේ

2019-10-21 01:28:00       329
feature-top
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) පස්වරුවේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය.

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ මන්නාරම පලාතට ඕනෑම අවස්ථාවක වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු පළාත් වලට අද දහවල් කාලයෙන් පසු වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම හෙට දිනයෙන් පසුව වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවන බවත් සුළං ප්‍රවාහයේ පවතින වෙනස්කම නිසා දිවයිනේ නිරිත දිග කොටසට උදැසන කාලයේදී වැසි ඇද හැලෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කලේ.

පැවැති අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳ කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි.

මේ අතර පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් අද උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත හරවා යැවුණා.

එලෙස මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවාඇත්තේ සවුදියේ, රියාද් සිට පැමිණි ඹ ඛ 266 දරණ ගුවන් යානය සහ කුවේට් සිට පැමිණි ඹ ඛ 230 දරණ ගුවන් යානයයි. කාළගුණික තත්ත්වය යහපත්වූ පසු එම ගුවන් යානා කටුනායක ගුවන්තොටුපළ වෙත නැවතත් ගොඩබැස්වීමට ගුවන්තොටුපළ බලධාරීන් කටයුතු කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

More News »