සජිත් ජනාධිපති වුණාම මට මේ අමාත්‍යංශය ලැබේදැයි සැකයි..- දයා ගමගේ

2019-10-16 04:55:00       806
feature-top
ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂා කෙරෙන, ඔවුන් රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාවන්වලට අනුයුක්ත කර ගත යුතු බවට දැක්වෙන නීති පද්ධතියක් මෙම වසර අවසාන වීමට පෙර සම්පාදනය කරන බව ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

එ ් සඳහා අවශ්‍ය කෙට ු ම්පත ් තමන ් කැබිනට් මණ ් ඩලයට ඉදිරිපත ් කර අන ු මත කර ගන ් නා බවද ඇමැත ි වරයා කීය.

ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්‍ෂා දිනය නිමිත්තෙන් එම අමාත්‍යාංශයේදී පැවති උත්සවය අමතමින් ඇමැතිවරයා එසේ පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

මෙම වසරෙදීත් ඔබ සමග මේ උත්සවය සැමරීමට හැකිවීම පිළිබඳව මා සතුටු වෙනවා. මහාචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර මහතා ඔබට ගෙදර අරන් යන්න පුළුවන් ආකාරයේ කතාවක් පැවැත්වූවා. ඇස් පෙනෙන ජනතාව ඇස් නොපෙනෙන ජනතාවට දක්වන උපහාරයක් ලෙස අද මුළු ලෝකයේම මේ සුදුසැරයටි දිනය සමරනවා. ඇතැම් විට ඇස් නොපෙනන උදවියගේ ගති පැවතුම් ඇස් පෙනෙන මිනිසුන්ට වඩා ඉහළින් තිබෙනවා. ඔවුන් සමහර විට ඇස් පෙනෙන ජනතාවට වඩා මොළය පාවිච්චි කර කටයුතු කරනවා. නොයෙකුත් ආබාධ සහ ි ත ප ු ද ් ගලයන ් ලක්‍ෂ 14 ක ් 15 ක ් අපෙ ් රටේ ස ි ටින බවට අන ු මාන කරනවා. එ ් ත ් ඔව ු න ් සම්බන ් ධයෙන ් නියමානුකූල දත්ත පද්ධතියක් තවමත් අපට නැහැ. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතීන් සුරක්‍ෂිත කෙරෙන නීති පද්ධතියක් මා තව මාස දෙකක් යන්නට පෙර අනුමත කර නීතිගත කරනවා. රජයේ සේවයට හෝ පෞද්ගලික අංශයට සේවකයන් බඳවා ගැනීමේදී ඒ සේවකයන්ගෙන් සියයට 3 ක් හෝ සියයට 2 ක් වන ලෙස ආබාධ සහිත පුද්ගලයන් බඳවා ගැනීමට අදාළ නීති අපි එහිදී සම්පාදනය කරනවා. විශේෂයෙන් අපි දෘශ්‍යාබාධිත පුද්ගලයකු ගතහොත් ඔහුගේ කාර්යයන් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා කඩිසරයි, ඉක්මන්. ඒ වගේම දෘශ්‍යාබාධිත පුද්ගලයන්ටත් සාමාන්‍ය පුද්ගලයන්ට වඩා ඇතැම් කටයුතු කාර්යක්‍ෂමව කිරීමේ හැකියාවක් තිබෙනවා.
රජයක් ලෙස ඔවුන්ට තමන්ගේ කාර්යයන් සඳහා අවස්ථාව ලබා දෙන්නෙ කෙසේද යන්න අපි විමසා බැලිය යුතු වෙනවා.

ආබාධ සහිත පුද්ගලයන් අටදහසකගෙන් යුතුව ඉ`ගුරු තවානක් පවත්වාගෙන යන පුද්ගලයකු මාව මුණගැසෙන්න ආවත් ඔහුත් ආබාධිතයි. ඔහු ගාල්ලේ දේශබන්දු කියන පුද්ගලයෙක්. රෝද පුටුවකින් මා හමුවට පැමිණියා. ඔහුට තිබෙන දැනුම කෘෂිකාර්මික නිලධාරීන්ටත් නැති තරම්. ඒත් ඔහුගේ පැළ තවාන ලියාපදිංචි කිරීමට අදාළ බලධාරීන් එතෙක් කටයුතු කර තිබුණේ නැහැ. අපි රටේ ආබාධ සහිත පුද්ගලයන්ට සලකන්නේ මේ විදිහටද? සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථාන තිබෙනවා. ඒවායෙන් පුහුණු කරන්න පුළුවන් අවස්ථාවෙන් සියයට 85 ක්ම පුහුණුව සඳහා යොදා ගැනෙන්නෙ නැහැ. එය අපරාධයක්. මාව හමුවෙන්න නොයෙක් අය එනවා. ඔවුන් මට උදව් කරන පුද්ගලයන්. උදාහරණයක් ලෙස ගුරුවරුන් ඇවිත් ගුරු මාරු ඉල්ලනවා. ඒත් ඒ ගුරුවරයා වෙනත් පාසලකට මාරු වුණාම කලින් පාසලේ ළමයින්ට අසාධාරණයක් වෙනවා නම් මට ළමයින්ගේ පැත්ත ගන්න වෙනවා. සමාජ සේවා අධ්‍යක්‍ෂවරයා ඔහුගේ කාර්යයන් නිසි ලෙස ඉටු නොකරන විට වෙනත් අයකු එතනට පත් කරන්න කටයුතු කළා. එහිදී ඔහු සමාජ සේවා නිලධාරීන් එකතු කර මට විරුද්ධව උද්ඝෝෂණයක් කළා. මට මේ අමාත්‍යාංශය සමහර විට සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ ලැබෙයිද දන්නෙ නැහැ. ඇතැම් විට වෙනත් අමාත්‍යාංශයක් ලැබෙයි. ඒත් අපිට අවශ්‍ය වෙන්නේ වැඩ කරන නිලධාරීන්. ඉන්න ටික කාලය තුළ අපි උපරිමයෙන් වැඩ කළ යුතුයි.

නිලධාරී මහත්වරුන් මේ නිසා මගෙත් එක්ක ඇතැම් විට අමනාප වෙන්නත් පුළුවන්. සෙනසුරාදා, ඉරිදා, පෝය කියලා මම වැඩ නැතිව නිකන් ඉන්නෙ නැහැ. නිදියගන්න පැය හතර පහ හැරෙන්න අනෙක් හැම මොහොතෙම මම කුමක් හෝ වැඩක නිරත වෙනව. මෙම ස්ථානයට පැමිණ ි ඔබ අද සත ු ටට පත ් වෙනවා. එම සත ු ට රටේ ස ි ටින ස ි යලූ දෘෂ්‍යාබාධිත ප ු ද ් ගලයන ් ට ලබාදෙන්න හැකි නම් එය අපේ සතුටට හේතු වෙනවා. ඒ සියලූ පුද්ගලයන් අද මෙතනට කැඳවීමට නොහැකිවීමට නොයෙක් කාරණා බලපෑවා. ඒත් ඒ සියලූ දෙනාට සිදුකරන ගෞරව පිදීමක් ලෙස අපි මේ උත්සවය අද පවත්වනවා. අපි සංවිධානය කළ ජාත්‍යන්තර වැඩිහිටි දිනය මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් නතර කරන්න හැදුවා. වැඩිහිටියන් විසිපන් දහසකගේ සහභාගිත්වයෙන් පවත්වන්න කටයුතු කළ එම වැඩිහිටි දින උත්සවය අවාසනයේ පන්දහසක පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූවා. ලබන වසරේ ජාත්‍යන්තර සුදු සරයටි දිනයට සහභාගිවන්නට ටී – ෂර්ටයක් ලබාදීමට කටයුතු කරනවා. මෙවර එය ඉටු කිරීමට හැකියාවක් නොලැබීම ගැන කනගාටු වෙනව.

ඉදිරි මැතිවරණයේදී තමන්ගේ දරුවන් වෙනුවෙන් ගත යුතු තීරණය ගන්න. යුතුකම කුමක්ද යන්න අපි මතක් කළ යුතු නැහැ. දැනට අපි ඔබ වෙනුවෙන් කරගෙන යන වැඩවලට අමතරව බොහෝ වැඩ ඉදිරියේදී ඉටු කරනවා. මේ වසර පහ තුළදී කළ කාර්යයන් මෙන් පස් ගුණයක වැඩ ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. අපනයන ගම්මාන ඇති කරමින් රටේ සංවර්ධනයට දායක වෙනවා මෙන්ම ඔබේ දෑත් ශක්තිමත් කරන්නට ද අපි පසුබට වෙන්නෙ නැහැ.

ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් අශෝක අලවත්ත, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නිලධාරින් මහාචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර, දෘෂ්‍යාබාධිත උපාධිධාරි මණ්ඩලය, ශ්‍රි ලංකා අන්ධජන සේවා මණ්ඩලය, ශ්‍රි ලංකා දෘෂ්‍යාබාධිත ජාතික සම්මේලනය, සිදුව වෘත්තිය පුහුණු ආයතනය යන ආයතන නියොජනය කරමින් දෘශ්‍යාබාධිත පුද්ගලයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

More News »