සාමාන්‍ය පෙල නැති සජිත් ජනාධිපතිවරණය 55%-57%කින් දිනනවා..- රවි කියයි..

2019-10-15 10:54:00       873
feature-top
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා 55%-57% අතර ප්‍රමාණයකින් ඉදිරි ජනාධිපතිවරණය ජය ගන්නා බව එජාප උප නායක ඇමති රවී කරුණානායක මහතා පවසයි.

පක්ෂය විසින් තීන්දුවක් ගත් පසු එම තීනදුව වෙනුවෙන් සියළු දෙනා එක්ව කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ දී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා ගණනාවකදීම ඇමතිවරයා කියා තිබුණේ සජිත් ප්‍රේමදාස මහතා සාමාන්‍ය පෙළ විභායද අසමත් බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට මෙරට සාමාන්‍ය පෙළ සමත් නම් එම සහතික ඉදිරිපත් කරන ලෙසද ඔහු අවස්ථා කිහිපයකදීම අභියෝග කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »