දෙමල සන්ධානය දෙකඩ වෙන්න යයි.. සුමන්තිරන් දිව විත් ගෝටා හමුවේ..

2019-10-14 04:40:00       1601
feature-top
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් සිදුව තිබෙන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සඳහන් කරයි.

දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර මෙම හමුව සිදු වූ බවද මහින්ද රාජපක්ෂ මහතා දෙමළ මාධ්‍යවේදීන් හමුවේ දී සඳහන් කර ඇත.

මෙම හමුවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

දෙමළ ජනතාවටද සිංහල ජනතාවට සමාන ගැටළු පවතින බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.

එම සියලු ගැටළු සඳහා අවශ්‍ය නිවැරදි පියවර ගැනීමට ඉදිරි රජය සූදානම් බවද විපක්ෂනායකවරයා සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් දෙමල ජාතික සන්ධානය තුල උග‍්‍ර මතබේදයක් ඇතිව තිබෙන්නේ යයිද වාර්තා වෙයි.
(under the courtesy of lankacnews.com news web)

More News »