බොරැල්ලේ ගංජා ගුණේගේ ඇස් දෙක ගොඩක්ම ගිලිලා.. සජිත්ට වඩා ජනාධිපතිකමට ගංජ ගුණේ සුදුසුයි..

2019-10-14 12:39:00       393
feature-top
වැටුප් නොගෙන ජනතාවට සේවය කරන්න සජිත් ප්‍රේමදාස මහතාට ඇති ආදායම් මාර්ගය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල මහතා ප්‍රශ්න කර සිටියි.

දැරණියගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සංවිධාන කළ තවත් ජනහමුවක් ඊයේ පස්වරුවේ දැරණිගල මංසන්ධියේදී පැවැත්වුනේ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වු ඒ මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.

“මම වැටුප් නොගෙන ජනතාව වෙනුවෙන් සේවය කරනවා කියලා සජිත් රස්සාවක් කරලා තියෙනවද? නැහැ.

එහෙමනම් සජිත් පඩි නොගෙන වැඩකරන්නේ කොහොමද?

අපි බැලුවා තාත්තා මැරෙනකොට ධනය හම්බකරලා යන්න ඇති නේද කියලා, මෙන්න බොලේ තාත්තාත් රස්සාවක් කරලා නැහැ.

එහෙම නම් ඇමති සජිත් ජීවත් වෙන්න හදන්නේ ටෙන්ඩර් මගඩි කරලා අපේ රාජ්‍ය දේපල කුණු කොල්ලයට විකුණලා හම්බ කරන කොමිස් මුදල් වලින්ද කියලා අපිට අහන්න වෙනවා.

ඊළගට මට ජනතාව මැද ඉන්න ඕනේලු. ජනතාව වැඩියෙන් ඉන්න තරමට තමයි මගේ ඇඟට ඔක්සිජන් එන්නේ.

මිත්‍රවරුනි 6 පන්තියේ විද්‍යාවට අපිට ඉගැන්නුවා අපි හුස්ම ගන්නේ ඔක්සිජන්, පිට කරන්නේ කාබන්ඩයොක්සයිඩ්, සෙනඟ වැඩිවෙන්න වැඩිවෙන්න ඔක්සිජන් අඩුවෙනවා කාබන්ඩයොක්සයිඩ් වැඩිවෙනවා.

මේ පාඩම දන්නේ නැහැ කියන්නේ සජිත් පුතා 6 පන්තිය කට්ටි පැනලා එහෙම නැත්නම් 6 පන්තියටවත් ගිහිල්ලා නැහැ කියන එකයි.

ඒ විතරක් නෙමෙයි මේ යෝධයා දවසක් කියනවා මගේ ඇස් ගිලිලා කම්මුල වළ ගැහිලා ඒ නිසා මමයි ජනාධිපති වෙන්න ඕනේ.

අපි පාසල් යන කාලේ බොරැල්ලේ හංදියේ හිටියා ගංජා ගුණේ කියලා කෙනෙක්.

අපි පාසල් යද්දි රුපියල් 2ක් අපෙන් ඉල්ලා ගන්නවා ගංජා ගහන්න වෙන්න ඕනේ.

ගංජා ගුණේගේ ඇස් දෙක ගිලිලා තියෙන හැටියට සජිත්ගේ ඇස් ගිලිලාද?

එහෙම බලනකොට ඇමති සජිත්ට වඩා බොරැල්ලේ හංදියේ ගංජා ගුණේ ජනාධිපතිකමට හොඳයි කියලා අපි එ.ජා.ප.යට යෝජනා කරනවා”


(under the courtesy of lankacnews.com news web)

More News »