සල්ලි දෙනවනම් මං ඔ්න දෙයක් කරනවා.. ඔන දෙයක් දානවා.. මට ඔ්න කෙනෙක් ජනාධිපති කරනවා.. කාටවත් ප‍්‍රශ්ණයක්ද..- අෂේන් සේනාරත්න අසයි..

2019-10-14 08:59:00       755
feature-top
මුදල් ඉපයීම සඳහා තමනට ඕනෑ තමන් සිදුකරන බව යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවෙක් වුණා අශේන් සේනාරත්න පවසයි.

තමනට ඕනෑ ජනාධිපති අපේක්ෂකයෙකු ජනාධිපති කරවීමට ද තමන් වැඩ කිරීමට සූදානම් බවද පවසන ඔහු තමන් හැසිරෙන්නේ තමනට වාසි විදිහට බවද කියා සිටී.

ඒ නිසා වෙන කිසිවකුත් එය ප්‍රශ්නයක් කර ගත යුතු නැති බවද තමනට සල්ලි දෙන අපේක්ෂකයන්ගේ පුවත් තමන් නාලිකාවන්හි පළ කරන බවද දචහන් කරයි.

අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් මේ බව ඔහු කියා ඇත.

සිලෝන් තවුහිද් ජමාද් සංවිධානයේ ප‍්‍රධානී අබ්දුල් රාසික් සමග වීඩියෝ සංවාදයක් කරමින් ගෝටාභය රාජපක්ෂ මහතාව අප්‍රසාදයට පත් කිරීමට උත්සාහ කළේ යැයි ඔහුට චෝදනා එල්ලවී ඇත.


(under the courtesy of lankacnews.com news web)

More News »