‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සන්ධානය සූදානම්.. මෛත‍්‍රී-මහින්ද සම නායකයන්.. ලකුණු ‘පුටුව’

2019-10-12 01:46:00       841
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇත.

මෙම නව සන්ධානය නම්කර ඇත්තේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ ලෙසයි.

ජනාධීපතිවරණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයට මුහුණදීම සඳහා මෙම නව සන්ධානය පිහිටුවා ඇත.

නව සන්ධානයේ ලකුණ ලෙස ‘පුටුව’ ලෙස දැනටමත් පක්ෂ දෙක විසින් ම එකඟ වී ඇත.

නව සන්ධානය සදහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්සන් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
(under the courtesy of lankacnews.com news web)

More News »