මගේ තේජසින්, බලයෙන් එජාප ජනාධිපති අපේක්‍ෂකත්වය ගත්තා..- රනිල් වේදිකාවේ සිටියදී සජිත් කියයි..

2019-10-11 09:29:00       489
feature-top
තමන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ලබා ගත්තේය තම තේජස්කමින් තම ශක්තිසම්පන්න භාවයෙන් හා ජන බලයෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ජනාධිපති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ මහතාලේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි ගාළු මුවදොරින් ආරම්භ කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

කෙසේ නමුත් එම රැුළියේදීම අදහස් දැක්වූ එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කලේ සජිත් පේ‍්‍රමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය ලබා දුන් බවකි.

තම පාලනයක් යටතේ හොරකම් කරන වංචා කරන කිසිවකුට ඉඩක් නොතබන බවත් එවන් දේ කරන්නට කිසිවෙකු බලාපොරොත්තු වන්නේ නම් වේලාසනින් ඉවත් වන ලෙස සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලා සිටියේය.

තම පාලනය කිසිවෙකුට ජම්පර අන්දවන්නේ නැතැයිද ඔහු එහිදී සදහන් කලේය.
(under the courtesy of lankacnews.com news web)

More News »