පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකර රිමාන්ඩ්

2019-10-10 01:02:00       328
feature-top
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකරව එළඹෙන 17 වැනිදා දක්වා අද (10) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.

2004 වසරේ 05 වැනි මස 30 වැනිදා ඔහුගේ නිවසේ තිබී ගිනිඅවි හමුවීමේ සිද්ධියට අදාළ නඩුවක් ඔහුට එරෙහිව පවතින අතර එම නඩුවේ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රිවරයාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

එම නඩුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකරට ඇප ලබා දී තිබුණේ හලාවත පොලිසියේ ඔහුට පෙනී සිටින ලෙසට නියෝග කරමින්. හලාවත පොලිසිය අද අධිකරණයට වාර්තා කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවස්ථා දෙකකදී එම ඇප කොන්දේසි කඩ කළ බවයි.

ඒ අනුව අධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකරව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ එම කරුණු සැළකිල්ලට ගනිමින්.
(under the courtesy of nethnews.lk news web)

More News »