ගෝටාට සහාය දෙන්න චන්ද‍්‍රිකා පිල බෑ කියයි.. ශ‍්‍රීලනිපය සුරැකීමේ සංවිධානයටත් නොකියා චන්ද‍්‍රිකා එංගලන්තයට පනී…

2019-10-09 10:36:00       1850
feature-top
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන සංවිධායක ගණනාවක් ඊට විරෝධය පළ කර ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගගේ උපදෙස් මත ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද මෙම තීන්දුවට විරෝධය පළ කර ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට තම න්‍යායාචාර්යවරිය වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සොයා බැලීමේදී ඇය මේ වන විට එංගලන්තය බලා ගොස් ඇති බව හෙළිව තිබේ.

මේ තත්ත්වය මත ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් දැඩිලෙස ව්‍යාකූල තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
(under the courtesy of lankacnews.com news web)

More News »