ගෝටාට සහාය දෙන්න එපා.. අපට සහාය දී බේරාගන්න..- සජිත් පාන්දරම ගිහින් ජනාධිපති ලග වැද වැටිලා..

2019-10-08 09:33:00       1737
feature-top
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය දීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මේ බව දැනගෙන එජාප අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පාන්දරම ජනාධිපති මන්දිරයට ගොස් දණගසා වැඳ ජනාධිපතිවරයාට ආයාචනා කර ඇති බවද පැවසීය.

අද වන විට එක්සත් ජාතික පක්ෂයේ සියලු ප්‍රබලයන් ගොස් ජනාධිපතිවරයා ඉදිරියේ වැඳ වැටෙමින් සිටින බවද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීන්දුව සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

More News »