බෙරගල-වැල්ලවාය මාර්ගයට විශාල ගලක් පෙරළීමෙන් ධාවනයට බාධා

2019-10-08 09:28:00       139
feature-top
පැවති අධික වර්ෂාවත් සමග බෙරගල  බෙරගල-වැල්ලවාය මාර්ගයට අද (08) අලුයම විශාල ගලක් පෙරළීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු ඇනහිට ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළ බව nethnews.lk වාර්තාකරු පැවසුවා.

පෙරළුණු ගල් හා පස් කොටස් ඉවත් කිරීමට කඩිනම් පියවර ගැනීම සඳහා අදාළ අංශ මේ වන විටත් දැනුවත් කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා තිබෙනවා.

තද වැසි ඇති විට බෙරගල වැල්ලවාය සහ බෙරගල හපුතලේ යන ප්‍රධාන මාර්ග මතට ගල් පෙරළීමේ අවදානමක් ඇති බැවින් විමසිලිමත්ව රථවාහන ධාවනය කරවන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්. උදයකුමාර එම මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »