කරූ ජනාධිපති අපේක්‍ෂක සටනින් ඉවත් වේ.. රනිල්-සජිත් ද්වන්ද සටන ඇරඹෙයි..

2019-09-23 09:57:00       1689
feature-top
තමන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදමා ගන්නා ලද තීරණය වෙනස් කලේ යයි කතානායක කරු ජයසූරිය මහතා පවසා ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ ඊයේ දිනයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් සමගින් පැවති සාකච්චාවකදීය.

ජනාධිපති අපේක්ෂකත්වය තමත් බලාපොරොත්තු නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ හෝ ඇමති සජිත් ප්‍රේමදාස යන දෙදෙනොගෙන් කෙනෙකුට එය ලැබිය යුතු බවද ඔහු පවසා තිබේ.

කතානායකවරයා මේ පිලිබදව අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමති සජිත් පේ‍්‍රමදාස මුණ ගැසී සාකච්ඡා කර ඇති බවද වාර්තා වෙයි.

පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ඉතා ඉක්මනින් විසඳෙනු ඇතැයිද කථානායකවරයා භික්‍ෂූන් වහන්සේලා පිරිස සමගින් පවසා ඇති බවද සදහන්ය.
(under the courtesy of lankacnews.com news web)

More News »