ගෝටාභයගෙන් මුස්ලිම් ජනතාවට සහතිකයක්..

2019-09-23 08:51:00       458
feature-top
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා 22 හවස හලාවත කඩයාමෝට්ටෙයි උමාර් ජුම්මා මුස්ලිම් පල්ලියේ ආගමික වතාවත් වතාවත්වලට එක්විය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද පාර්ල ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, අරුන්දික ප්‍රනාන්දු, අශෝක ප්‍රියන්ත යන මහත්වරුන්ද  ප්‍රා දේශීය දේශපාලන නායකින් ඇතුළු ප්‍ර දේශවාසී මුස්ලිම් ජනතාව විශාල ප්‍රමාණයක් ද මේ අවස්ථාවට සහභාගී විය.

ආගමික වතාවත් වලින් අනතුරුව පැමිණ සිටි ජනතාව අමතමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය

මුස්ලිම් ජනතාව අතර මා ගැන වැරදි මතයක් ප්‍රචාරය කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න හේතු වුණෙත් එවැනිම වැරදි ප්‍රතිචාරයි .

අද රටේ ආර්ථිකය කඩා වැටිලා. වැඩිදෙනෙක් ව්‍යාපාරිකයින් ලෙස කටයුතු කරන ඔබල දන්නවා ආර්ථිකය කඩාවැටිල තිබෙන හැටි.නියමයකින් ව්‍යාපාරිකයින් ආදී සෑම ක්ෂේත්‍රයක්ම මේ නිසා අනතුරට පත් වෙලා.

වත්මනූ වත්මන් රජය වසර පහක් තිස්සේ ආර්ථිකය කඩා වැටෙන්නට ඉඩ හැරියා. තවදුරටත් මේ රජයේ තිබුනොත් ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා.එහි බලපෑම වැඩි වශයෙන් දැනෙන්නේ ඔබටයි.

මම නියෝජනය කරන්නේ රටට ආදරය කරන, සෑම ආගමකටම ගරු කරන, සෑම ජාතියකටම ගරු කරන  පක්ෂයක්.අද අපේ පක්ෂය ජයග්‍රහණය කරා යමින් තිබෙනවා.මේ වන විට වන විට කර තිබෙන තැන සමීක්ෂණයකින් ම අපි අති විශිෂ්ඨ ජයක් ලබන බව තහවුරුව තිබෙනවා.ඔබත් ඒ ජයග්‍රහණයේ අයිතිකරුවන් වෙන්න. බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.

රටේ ආරක්ෂාව නැතිවීම නිසා නැති වීම නිසා සිදු උන දේ ඔබ දුටුවා.අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ මේ රට සුරක්ෂිත කලා. ආරක්ෂාව කියන්නේ සෑම දෙනාටම පොදු දෙයක්.සිංහල දෙමළ මුස්ලිම් සියලූ ජන කොටු ජන කොටසකට ම ආරක්ෂාව වැදගත්. මේ රටේ තිබුණු සාමකාමී වාතාවරණය අද වෙනකොට කඩා වැටිලා.ඒ වත්මන් රජයට ආරක්ෂාව තහවුරු කරන්න නොහැකි වීම නිසයි.

සුරක්ෂිත රටක් බිහි කිරීම අපේ මූලික අදහස යි. බියක් සැකක් නැතිව සෑම දෙනාටම සැමදෙනාටම ජීවත්විය හැකි වාතාවරණයක් සැකසීම අවශ්‍යයෙන් ම සිදු විය යුතු දෙයක්.තමන්ගේ ආගම අදහන්න, එකම නීතියක් යටතේ ජීවත් වෙන්න, මේකෙන් තොරව ව්‍යාපාර පවත්වාගෙන යන්න යන්න වාතාවරණයක් අවශ්‍යයි.

බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.වසර පහක් ඔහු මුහුණ දුන්නේ ප්‍රශ්න ගැන කල්පනා කර බලන්න.රටේ ආරක්ෂාව ගැන නැවත හිතන්න.ආරක්ෂාව තහවුරු කරලා, ව්‍යාපාර වලට සුදුසු අත් ආවරණයක් සහිත රජයක් බිහි කිරීම ඔබේ වගකීමයි.

සමස්ත මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මුළු රටම ලබන ජයග්‍රහණය කොටස්කරුවන් වන ලෙසයි.

අද මෙහි පැමිණීම ගැන බොහොම ස්තුතියි.මේ දිස්ත්‍රික්කය වැදගත්.ඒ නිසා බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා .මම කිසිදු  ජනකොටසකට විරුද්ධව වැඩ කළ කෙනෙක් නෙමෙයි.සාධාරණව වැඩ කල කෙනෙක්. කොළඹ නගරය දියුණු කරන අවස්ථාවේදී ආදායම්ලාභී ජනතාවට නිවාස ලබාදීමේ ලබාදීමේ සාධාරණ විදියට.

නමුත් බොරු ප්‍රචාරවලට ජනතාව බිය වෙනවා. එක රටක් එක ජාතියක් ලෙස වැඩ කර රට සංවර්ධනය කර සෑම ජන කොටසකටම සතුටින් ජීවත් විය හැකි ජීවත්විය හැකි පරිසරයක් අපි බිහි කරමු.
(under the courtesy of lankacnews.com news web)

More News »