මුහුණු පොතෙන් හදුනා ගත් පුද්ගලයෙකු බිය වද්දා මුදල් ලබාගත් දෙදෙනෙකුට වැඩ වරදියි

2019-09-21 11:09:00       285
feature-top
ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයෙකු බිය වද්දා මුදල් ලබාගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බස්නාහිර පළාත් දකුණ, අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව ෆේස්බුක් මගින් හදුනාගත් පුද්ගලයාගේ නිරුවත් ඡායාරූප ලබාගෙන ඒවා අන්තර් ජාලයට මුදා හරින බවට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී රුපියල් 24 ලක්‍ෂ 44,000 ක මුදලක් ලබාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව හා අනෙක් සැකකරු අත්අඩංගුවට ගැණුනා.

සැකකාර කාන්තාව 28 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරිණියක්. සැකකරු 28 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි හිටපු ගුවන් හමුදා සෙබළෙකු බවයි පොලීසිය පැවසුවේ.


(under the courtesy of nethnews.lk news web)

More News »